ඥාති සහෝදරයින් අතර ගැටුමකින් අයෙක් මරුට

By Sithumi Nov 08, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

මාදම්පේ, පල්ලේකැලේ, ගල්මුරුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඊයේ (07) රාත්‍රී පොලුවලින් සහ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇති බවය.

තුවාල ලැබු පිරිස හලාවත රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී හලාවත රෝහලට ඇතුළත් කළ පුද්ගලයා අද (08) අලුයම මියගොස් ඇත. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් එම ආරවුල ඇතිව තිබෙන්නේ ඥාති සහෝදරයන් අතර බව ගම්වාසීහු පවසති. නංගිගේ සහ අක්කාගේ පුතුන් වන ඔවුන් අතර ආරවුල දීර්ඝ කාලයක සිට පවතින බවත්, ඒ අනුව එක් අයෙක් ඊයේ රාත්‍රියේ බීමතින් රැක සිට තියුණු ආයුධයකින් අනෙකා ට පහරදී ඇති බවත් ගම්වාසිහු සඳහන් කළහ.

එම පහරදීම දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳ මෙසේ සඳහන් කළේය.

"පාරෙන් ඇදගෙන එනවා දැකලා මම මෙතනට ඇවිල්ලා කවුද කියලා ඇහුවා. ගෙදර එක්කෙනා කිව්වා රතුවා කියලා. මම කිව්වා ඉස්පිරිතාලේ ගෙනියන්න දා ගන්නම් කියලා. පුළුවන් නම් අතතියපල්ලා එකෙක් කොටනවා ඕනේ එකෙක් ට සාක්ෂි දෙන බින්දුවා කිව්වා. අඳුරන 6 - 7 දෙනෙක් හිටියා. ඊට පස්සේ ගෙදරින් ඇවිල්ලා මාව එක්කන් ගියා " සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW