“...මට එයාව ගෙනත් දෙන්න...” - පෙම්වතිය බූට් තියපු දුකට සන්නිවේදන කුළුණක් බදාගත්තු තරුණයෙක් කරපු අමුතුම උපවාසය - වීඩියෝවකුත් එළියට (VIDEO)

suicide Wawniya love affair signal tower Thekkavaththa
By Sewvandhi Oct 27, 2021 04:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වව්නියාවේ විදුලි සංදේශ කුළුණකට නැඟි තරුණයෙක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. වව්නියාව, තේක්කවත්ත ප්‍රදේශයේ විදුලි සංදේශ කුළුණකට නැඟි මේ තරුණයා සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු සමඟ තවත් තරුණයෙකු එහි නැඟි සිට ඇති අතර ඒ ඔහුගේම සහෝදරයා බව සඳහන්. දිවි හානි කරගැනීමට උත්සාහ ගත්ත පුද්ගලයා මල්ලාවි ප්‍රදේශයේ කාන්තාවක් හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එම සම්බන්ධය තරුණිය විසින් නවතා තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර විවාහ ලියාපදිංචිය ද සිදුව ඇති නමුත්, පසුව තරුණියගේ ඥාතීන් පැමිණ ඇයව වාහනයක නංවාගෙන ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවුලේ අය සිය බිරිඳව පැහැර ගෙන ගිය බවට තරුණයා පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. තමා වෙනුවෙන් පොලිසිය කිසිදු පියවරක් නොගැනීම, මේ උපවාසයට හේතුව බවයි තරුණයා සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත්, තරුණයාව බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now