ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් මෙරට ප්‍රබලයකු CID අත්අඩංගුවට

CID Epic Lanka Technilogy Rajitha Senarathna Tharidhu Kalpage delete covid information
By Sewvandhi Sep 08, 2021 02:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් තරිඳු කල්පගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ටෙන්ඩරය අදාළ සමාගමට ලබාදී තිබී ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදීයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම මීට පෙර පැවසීය.

ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාත්, අධිකාරියේ සභාපතිවරයාත් ප්‍රකාශ කළේ මැකී ගිය දත්තවලට අදාළ මුල් පිටපත් සුරක්ෂිතව පවතින බවය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු මෙරට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ඔසුසැල්වලට අදාළ බලපත්‍ර නිකුත්කිරීම ආදි සියලු කටයුතු නියාමනය සිදුකරන ආයතනය වෙයි. අති සංවේදී බැවින් එම කටයුතුවලට අදාළ සියලු තොරතුරු එහි ඩිජිටල් දත්ත පද්ධතියට ඇතුළත් කොට සුරක්ෂිත කෙරේ.

එම පද්ධතියේ ඇතුළත් යම් දත්ත ප්‍රමාණයක් මැකී ගොස් ඇතැයි ඉකුත් ජූලි මසදී අනාවරණය වූ අතර එය යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වුණි.

-----------------------------------------------------------------------------

සිය මංගල තරගයේ කඩුළු හතරක් සහ වාර්ථාවක් තැබූ කව්ද මේ මහීශ්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha