අද පැය 4යි විනාඩි 18ක චන්ද්‍රග්‍රහණයක්..බලන්න පුළුවන් වෙලාව මෙන්න..

Sri Lanka Weather
By Aruna May 05, 2023 07:24 AM GMT
Aruna

Aruna

Report

2023 වර්ෂයේ, වෙසක් පුර පසළොස්වක පොහොය දින සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සඳහන් කරනවා.

එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අමතරව යුරෝපයේ සහ ආසියාවේ රටවලට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වේ.

ඒ අනුව හෙට(05) පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ.

ග්‍රහණය අවසන් වනුයේ 6වැනිදා අළුයම 1.01 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 5වැනිදා රාත්‍රී 10.52 ටය.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති විට දී ය.

ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ.

නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය.

මීට වඩා හොඳ චන්ද්‍රග්‍රහණයක්, අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now