හෙට රාත්‍රී අහසෙහි සිදුවන දේ ගැන හැමෝම අවධානයෙන් ඉන්න..
Sri Lanka
Weather
By Aruna
2023 වර්ෂයේ, වෙසක් පුර පසළොස්වක පොහොය දින සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සඳහන් කරනවා.
එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බවයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඒ අනුව හෙට(05) පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |