විදුලි හොරු නිසා මණ්ඩලයට කෝටි ගණනක පාඩුවක්.

Sri Lanka Ceylon Electricity Board
By Wayomi Nov 05, 2023 04:35 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය මාස 8 තුළ අයථා ක්‍රමවලට විදුලිය ලබාගැනීම හේතුවෙන් රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඇතැම් පුද්ගලයන් විදුලි මීටර් වෙනස් කිරීම සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලි ලබාගෙන ඇති බවයි.

ඒ, අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදුව තිබෙනවා.

ReeCha