තම දියණිය කෙළසා රට පනින්න හැදු පියෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 24, 2023 05:57 PM GMT
krishani

krishani

Report

තම දියණියක අපයෝජනය කර විදෙස් රටකට පළායාමට උත්සාහ කළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනය කර ඇත්තේ වෙන්නප්පුව - උදාසිරිගම ප්‍රදේශයේ දී ඔහුගේ බිරිඳ සමඟ ජිවත් වූ දියණියයි.

වයස අවුරුදු 49ක පසුවන සැකකරු ඉතාලියේ පදිංචිව සිටිය දී පසුගිය දිනක කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසු සැකකරු මෙම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

කෙසේ වෙතත්, ඊයේ (23) ඔහුව  කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ReeCha