"විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා"සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි..

By Piyumika Jan 02, 2025 12:19 PM GMT
Report

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ආණ්ඩුවේ බදු සෙල්ලම ගැන ඇඟ කිලිපොළා යන හෙළිදරව්ව..(VIDEO)

ආණ්ඩුවේ බදු සෙල්ලම ගැන ඇඟ කිලිපොළා යන හෙළිදරව්ව..(VIDEO)

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (02) දහවල් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

”වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා. කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතුයි. පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුට ම විවර ව තිබිය යුතුයි.

ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්..

ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්..

පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්. ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක් ම අපි සලකන්නේ රටේ ඉදිරි ආයෝජනයක් ලෙසයි. දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා..” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.  

You may like this video