උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ.

Education Sri lanka A/l result Exam dipartment
By Aruna May 04, 2021 04:15 AM GMT
Report

 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා සඳහන් කළේය.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වුණි.

ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx