උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
Education
School
A/l exam
University UGC
By Aruna
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ලබන මස අවසානයේ සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමට දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බවය.
පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් කඩයිම් ලකුණු නිකුත් කිරීමේ මූලික කටයුතු මේ වනවිට සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
උප සභාපතිවරයා පැවසුවේ, මෙවර අයැදුම්පත් එක් ලක්ෂ දස දහසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
