උසස් පෙළ විභාගය ඔක්තෝබරයේද ?කල්යයි ද? පාර්ලිමේන්තුවේ කතාබහක්.

Parliament Education A/L exam
By Aruna Jul 08, 2021 09:49 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව ද අමාත්‍යවරයා පැවසීය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා - "2020 සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ගේ ප්‍රතිඵල දෙන්න බැරිවෙලා තියෙනවා.

ඒකට හේතුව පෙරදිග හා අපදිග සංගීතය මෙන්ම නාට්‍ය හා රංග කලාව වැනි විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ තාම පවත්වලා නෑ." අමාත්‍ය ජී.එල්.පීරිස් - "ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ව හැකිතාක් ඉක්මනින් පරීක්ෂණ පවත්වලා ඒ කටයුතු කරන්න අපි උත්සහ දරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha