උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුනාද? ප්රශ්නය CIDය අතට මාරු වේ
විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය සතියේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් ඊට අදාළ පැමිණිල්ල සිදු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. එමෙන්ම පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු පල විය.
දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී එවන් සිදුවීමක් පිළිබද ව කිසිදු නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.