අද ප‍්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවියට..විදුලි ජාල පද්ධති වලටත් දැඩි බලපෑම්..

United States of America NASA TN Weather Weather
By Aruna Jul 06, 2023 11:19 PM GMT
Aruna

Aruna

Report

ඊයේ රාත්‍රී කාලයේ හෝ අද උදෑසන වනවිට පෘථිවියට බලපෑම් ඇති කළ හැකි සූර්ය කුණාටුවක් පොළවට ළඟා වනු ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සඳහන් කර සිටිනවා.

එම සූර්ය කුණාටුව මගින් දීප්තිමත් ‘අවුරෝරා’ ආලෝකධාරා ඇති වනු ඇති බවද ඒ හරහා විදුලි ජාල පද්ධති වලට බලපෑම් ඇති වනු ඇති බවද ඔවුන් විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මෙසේ සූර්ය කුණාටු ඇති වීමට හේතුව සූර්යයා තම ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම බවයි නාසා ආයතනය පවසන්නේ.

මෙම මාසය ආරම්භයේ සිටම ප‍්‍රබල සූර්ය කුණාටු කිහිපයක් සිදුවී ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.