ලොව පළමු වරට ක්ෂණික ආහාර වලට බද්දක්.
කොලොම්බියාව 'ක්ෂණික ආහාර නීතිය' ක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ජීවන රටා රෝග පාලනය කිරීම වෙනුවෙන්.
මේ අනුව සැකසූ ආහාර ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය බද්දක් හඳුන්වා දුන් ලොව පළමු රට වන්නේ ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාවයි.
මෙහිදී වසර ගණනාවක ප්‍රචාරණයෙන් පසු “ක්ෂණික කෑම නීතිය” මේ මාසයේ ක්‍රියාත්මක වූ අතර ක්‍රමයෙන් බද්දක් හඳුන්වා දෙනු ඇති.
ඒ, අනුව එම අතිරේක බද්ද 10% කින් ආරම්භ වන අතර එය ලබන වසරේ 15% දක්වාත්, 2025 දී 20% දක්වාත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා
කොලම්බියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලේ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විද්‍යා මහාචාර්ය ෆ්‍රැන්කෝ සාසි කියා සිටියේ, "කොලොම්බියාවේ මෙම නීතිය අප කලින් දැක ඇති දේට වඩා පුළුල් වන අතර අනෙකුත් රටවලට ආදර්ශයක් විය හැකි" බවයි.
එමෙන්ම මෙම බද්ද ඉලක්ක කරන්නේ කාර්මිකව නිෂ්පාදනය කරන ලද ක්ෂණික ආහාර , චොකලට් ,අධික ලුණු සහ සංතෘප්ත මේදය ඇති සැකසූ නිෂ්පාදන යන්ටය. සමහර සැකසූ ආහාර, උදාහරණයක් ලෙස සොසේජස් වැනි දෑ බද්දෙන් බැහැර කිරීම වැනි යම් යම් සම්මුතීන් ද ඇති කර ගෙන ඇති බවයි සාසි වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
