මෙහෙමත් මාස්ටර් ප්ලෑන් - සමලිංගික ඇසුරක් ඉල්ලමින් කළ කැත වැඩේ අන්තිමට සියල්ලේ සුලමුල හෙළි වෙයි..
මංකොල්ලකෑම්වල නිරත වූ බාලවයස්කාර කණ්ඩායමක් මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙම මංකොල්ල කෑම් වල නිරත වී ඇත්තේ ජංගම දුරකථන යෙදවුමක් හරහා සමලිංගික ඇසුරකට ආරාධනා කරමින් ය.
මෙම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන්නේ යුද හමුදා නිලධාරියෙක් කළ පැමිණිල්ලකට අනුව බව පොලිසිය පැවසීය.
ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට එහි සුළමුල සොයාගැනීමට හැකි වී තිබූ අතර ඒ අනුව අදාළ යුද හමුදා නිලධාරිවරයා ජංගම දුරකථන යෙදුමක් හරහා ලබාගත් තොරතුරු ඔස්සේ සමලිංගික ඇසුරක් සඳහා මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් ඇත.
එහිදී ඔහුව අවුරුදු 16 ක් පමණ වයසැති දරුවෙක් නිවස තුළට කැඳවාගෙන ගොස් තිබෙනවා.
පසුව මඳ වේලාවකින් එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් නිවස තුළ සිදුවන්නේ කුමක්දැයි විමසා තවත් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත.
අදාළ පුද්ගලයා තමන්ව හඳුන්වා දී ඇත්තේ 16 හැවිරිදි දරුවාගේ සොහොයෙුරෙකු බවයි.
එහිදී ඔවුන් අදාළ යුද හමුදා නිලධාරිවරයාට පහර දී ඇත.
පසුව ඔහුගේ නිරුවත් දර්ශන ද ජංගම දුරකථනයකින් රූගත කර ඇති අතර එම දර්ශන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන බවට පවසා ඇත.
එලෙස පවසා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබා ගෙන ඇති අතර අදාළ ජාවාරමට සම්බන්ධ තරුණියක් ඇතුළු 08ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අවුරුදු 20 වඩා අඩු වයසේ පසුවුවන් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන කිහිපයක් සහ මුදල් ද සොයා ගෙන ඇත.
කෙසේ වෙතත්, ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගැනීම හේතුවෙන් අවවාද කර රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත.
