පෙමිවතුන්ට විශේෂ පණිවුඩයක්..පෙම්වතා සමඟ වැවට ගිය 18 හැවිරිදි තරුණියව නිරුවත් කර කරපු කැත වැඩක්..

Sri Lanka Police Sri Lanka Accident
By Aruna Apr 10, 2023 11:40 PM GMT
Aruna

Aruna

Report

සමනලවැව නැරඹීම සඳහා පසුගියදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම් යුවළක් බියවද්දා පෙම්වතා යතුරුපැදියට සම්බන්ධ කර විලංගු දමා පෙම්වතිය අසල ලඳු කැලෑවකට රැගෙන ගොස් නිරුවත්කර අතවර කළ හම්බෙගමුව පොලිසියේ කොස්තාපල්වරයකු සමනලවැව පොලිසිය විසින් පසුගිය 08 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැද්දේගම ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ඇයගේ පෙම්වතා සමඟ යතුරුපැදියෙන් සමනලවැව වේල්ල නැරඹීමට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

වේල්ලේ සිටින විට ඔවුන් අසලට පැමිණි අයෙකු හැඳුනුම්පතක් පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව කියා මත්ද්‍රව්‍ය තිබේදැයි බැලීමට දෙදෙනා පරීක්ෂා කළ යුතු බව පවසා පෙම්වතා යතුරුපැදියට අල්ලා විලංගු දමා ඇත.

පසුව 18 හැවිරිදි පෙම්වතිය අසල ළඳු කැලෑවකට රැගෙන ගොස් නිරුවත් කර අතවර කර ඇත. පසුව ජංගම දුරකථනයකින් ඇයගේ නිරුවත වීඩියෝ කිරීමට උත්සාහ කර ඇතත් තරුණිය එය වළක්වා ඇති බවයි පැවසෙන්නේ.

නාඳුනන පුද්ගලයකු පොලිස් නිලධාරියකු ලෙස හැසිරෙමින් සමනලවැව වේල්ල අසල සැරිසරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් සමනලවැව පොලිසියට ලැබී ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය වේල්ල දෙසට පැමිණ බැලීමේදී නිරුවතින් සිටි තරුණිය සහ විලංගු දමා සිටි තරුණයා දැක ඔවුන් බේරාගෙන ඒ අසල සිටි අපරාධකරුද අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂා කිරීමේදී සැකකරු හම්බේගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල් (76220) ප්‍රසාද් අබේසේකර නමැත්තා බවට හඳුනාගෙන ඇත.

සමනලවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු එක්දරු පියකු බවද අනාවරණය වී තිබේ. අතවරයට පත්වූ තරුණිය සහ තරුණයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අනුව තරුණියකට අතවර කළ බවට චෝදනා එල්ලවී ඇති හම්බෙගමුව පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් නීතිය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙස හම්බෙගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියා.

තරුණයා යතුරුපැදියක ගැට ගසා පෙම්වතියට අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද තල්දූව මහතා කීය.

එම පොලිස් කොස්තාපල්වරයාට එල්ලවී ඇති චෝදනා පරික්‍ෂා කර ඔහු අපරාධමය වරදක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සහ ආයතන මට්ටමින් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා උපදෙස් දුන් බවයි තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now