ඉන්ධන පිරවූ බවුසරයක් පුවක්ගහවෙලදී පෙරළෙයි
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශයේදී ඉන්ධන පිරවූ බවුසර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
අද (07) පස්වරුවේ මෙම අනතුර සිදු වූ අතර, කාර්මික දෝෂයක් මීට හේතුවී ඇති බව වාර්තා වේ.
අනතුරින් බවුසර් රථය මාර්ගයේ උඩුයටිකුරු වී පෙරළී ගොස් ඇති අතර, එහි තිබූ ඉන්ධන ලීටර 33,000ක් පමණ තිබූ බවද සඳහන් වේ.
බවුසර් රථය පෙරළී යාමෙන් පසු එහි තිබූ ඉන්ධන මාර්ගය පුරා විසිරී ගිය අතර, ඉන්ධන එක් රැස් කිරීමට මිනිසුන් භාජන රැගෙන පැමිණ සිටි දෘශ්‍යයන්ද දක්නට ලැබුණි.
මෙම අනතුර හේතුව මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වූ අතර, ඉන්ධන විසිරී යාම නිසා ප්‍රදේශවාසීන් අතර බියක් ඇති වී තිබේ.