බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ
By Shehan
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (BCB) නව සභාපතිවරයා ලෙස හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් පත් කර තිබේ.
බංග්ලාදේශ රජය විසින් සිදුකළ මෙම පත්කිරීම, අමිනුල් ඉස්ලාම්ගේ සභාපතිත්වයෙන් යුත් පැවති විධායක කමිටුව විසුරුවා හැරීමෙන් පසු ගනු ලැබූ තීරණයකි.
වයස අවුරුදු 37ක තමිම් ඉක්බාල්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙතෙක් පත්ව ඇති ලාබාලතම සභාපතිවරයා ලෙස සැලකේ.
ඔහු සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවකට නායකත්වය දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති බංග්ලාදේශ ක්‍රිකට් නිලවරණයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත.