රාත්‍රී සමාජ ශාලාවක මහා විනාශයක් - 13 දෙනෙක් ජිවිතයෙන් සමු ගනී.. පුද්ගලයින් රැසකට බරපතල තුවාල..
රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 13 දෙනෙක් මියගිය පුවතක් ස්පාඤ්ඤයේ ගිනිකොනදිග මුර්සියා නගරයෙන් වාර්තා වේ.
එම ගින්නෙන් මියගිය පුද්ගලයින් 13 දෙනා මෙන්ම තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇත.
සති අන්තය නිමිති කරගෙන ඊයේ (01) දිනයේ එහි බොහෝ පිරිසක් රැස්ව සිට තිබෙනවා.
එහි නේවාසිකාගාරයේ මෙම හදිසි ගින්න ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න ඉක්මනින්ම අසල ඇති ගොඩනැගිලි වෙත පැතිර ගොස් ඇති අතර මේ හේතුවෙන් මුළු ප්‍රදේශයම දුම් කලාපයක් ලෙස දිස් වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගිනි නිවන භටයින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.