කොරෝනා නෑ කියා ගෙදරට එවූ දෙදරු පියා මහ රෑ මිය ගිහින්

covid19 Galle Fever and symptoms yakkalamulla papolahena
By Sewvandhi Aug 09, 2021 10:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධික කැස්ස සහ උණ හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු නොවේ යැයි පවසා ආපසු නිවසට යවා තිබියදී එදිනම රාත්‍රී නිවසේදී මියයෑමෙන් පසුව කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි.

මියගොස් ඇත්තේ යක්කලමුල්ල, පැපොලහේන පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි. කොළඹ ගොඩනැගිලි ඉදිකිරිම් ස්ථානයක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටි ඔහු දින හතරකට පමණ පෙර නිවෙසට පැමිණ ඇති අතර දිගින් දිගටම පැවැති තද කැස්සක් සහ උණ හේතුවෙන් පසුගිය 06 වැනිදා කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ගොස් ඇත.

එහිදී ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකර පවසා ඇත්තේ ඔහුට කොරෝනා ආසාදිතයකු නොවන බවයි. බාහිර රෝගී අංශයෙන් ලබාදුන් ඖෂධ රැගෙන යළි නිවසට ගිය ඔහුට නිවසේ වෙනම කාමරයක සිටින ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා උපදෙස් දී තිබිණි.

කෙසේ වුවද රෝගී තත්වය වැඩිවීම හේතුවෙන් එදිනම රාත්‍රියේ ඔහු කරාපිටිය රෝහලට රැගෙන ආවද ඒ වනවිටත් මියගොස් සිටියේය. මළ සිරුරෙන් ජෛව සාම්පල ලබාගෙන කරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් ඔහු මියයනවිට කොරෝනා ආසාදිතව සිටි බව තහවුරු වී ඇත.

මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා, ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දදෙණියආරච්චි මහත්මියගේ නිර්දේශ අනුව එය කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුවූවක් බවට නිගමනය කළේය. දේහය නිරෝධායන නීති රීති වලට අනුකූලව නාකියාදෙණිය ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණ.

-සිරංගිකා ලොකුකරවිට-

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now