නීති විරෝධී ලේඛන සකසමින් යතුරුපැදි අලෙවි කළ ස්ථාන 3ක් වටලයි...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Gagana Apr 26, 2024 03:55 AM GMT
Gagana

Gagana

Report

පානදුර වලාන දූෂණ මර්ධණ ප්‍රහාරක ඒකකය විසින් නීති විරෝධී ලෙස කොටස් එකතු කර සැකසූ යතුරුපැදි අලෙවිකරන ජාවාරමක් වටලා ඇති බවට වාර්තා වෙනවා.

මෙලෙස එකලස් කරන යතුරුපැදි ව්‍යාජ ලේඛන සකසා අලෙවි කර ඇති බවද හෙළිවී ඇති අතර, කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදුවන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

ඊයේ (25) පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී, යතුරුපැදි අලෙවි කරනු ලබන ස්ථාන 3ක් ද, යතුරුපැදි 41ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදි මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර,මෙම ආයතන වලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බව ද ගැණුම්කරුවන් විසින් කරුණු දක්වා ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වාරියපොල හා කුරුණෑගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.