කර්මාන්තශාලාවක විශාල ගින්නක්..!

Sri Lanka Accident
By Sewvandhi Dec 24, 2022 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ තිබූ කර්මාන්තශාලාවකයි.

ගින්න හේතුවෙන් එහි වූ විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

 කෙසේ නමුත් කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර, ප්‍රදේශවාසීන් සහ වාද්දුව පොලිසිය ඒ සදහා සහාය ලබාදෙන දී තිබෙනවා. 

 ගින්නට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇති බවට සැකකරන අතර, සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha