රූප රැජිනියකුත් සමග, බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..?
වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ඩේලි මිරර් වෙබ් පුවත්පත වෙත බන්නාධකාර ප්‍රකාශකයෙකු සඳහන් කර ගත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊට සම්බන්ධ වූ බවට වන තොරතුරු අසත්‍ය බවයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි. බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවෙයි.
ඊයේ දිනයේදී, රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.
ඒ මොහොතේ අමාත්‍යවරයාගේ සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් බිම ඇද වැටී ඇති බවත් වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් බැන වැදී ඇතැයි ද සඳහන් වෙයි. කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පුවත්පතට පවසා ඇත.
එමෙන්ම, (සැප්. 13) පෙ.ව. 7.30ට පමණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ සැක කටයුතු අයුරින් හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබා දීමට පැමිණි ඇති බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලිදී අනාවරණය වී තිබේ.
බේස්ලයින් මාවතේ, පදික වේදිකාවේ සිට පුද්ගලයෙකු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර වැඩ කණ්ඩායම් භාරව සිටි නිලධාරියෙකු බන්ධනාගාර අවි අංශය දැනුවත් කරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, සැකකරු පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමු වී නොමැති බවත් ජංගම දුරකතනයක් පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාර පාලනාධිකාරිය සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
