බීමත් ඇමතිවරයෙක් බන්ධනාගාරයට පැන යකා නටයි.. හිතවතුන්ට එල්ලුම්ගහ පෙන්වයි…
රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.
ඒ මොහොතේ අමාත්‍යවරයාගේ සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් බිම ඇද වැටී ඇති බවත් වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් බැන වැදී ඇතැයි ද සඳහන් වෙයි. කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පුවත්පතට පවසා ඇත.
මේ අතර,එන්නත්කරණය සිදුකිරීමේ දී බලපෑමක් සිදු නො කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර, වයස අවුරුදු 15ට වැඩි මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ලබන මස මුල සිට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ, පාසල් නැවත ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය මාර්ගෝපදේශ ලබන 17 වැනි දා වෙනවිට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදීමට තීරණය කර ඇති බවයි.
මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ, විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය කරන එන්නත් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
කිසිදු තෝරා ගත් එන්නතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඒ සදහා බලපෑමක් නො කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
