තරු පන්තියේ හෝටලයේ තිබූ මත්ද්‍රව්‍ය සාදයක් ගැන තොරතුරු හෙළි වෙයි.

Police spokesman Colombo Jaffna Sri Lanka Sri Lanka Social Media
By Hashini Nov 09, 2023 06:19 AM GMT
Hashini

Hashini

Report

යාපනයේ තරු පන්තියේ හෝටලයක කොළඹ සමාජ මාධ්‍ය සංවිධායක් විසින් සංවිධායන කළ මත්ද්‍රව්‍ය සාදයක් සම්බන්ධයෙන් වහාම පොලිස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක්ම ඊයේ (08) බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම සාදය මීට දින 03කට පෙර පවත්වා තිබෙනවා.

සාදය සඳහා තනි ටිකට් පතක් රුපියල් 2,000කටද යුවලක් සහභාගී වන්නේ නම් එක් අයෙකුගෙන් රුපියල් 1,500කටද අලෙවි කර තිබෙනවා.

එසේම සාදය සංවිධානය කළ පිරිස සාදය සඳහා සහභාගීවන්නන්ට අවශ්‍ය කාමර පහසුකම් සඳහා එම හෝටලයේ කාමර අලෙවි වන මිලට වඩා 50%ක් අඩුවෙන් කාමර වෙන්කර ගැනීමට පියවර ගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා.

තරු පන්ති හෝටලයේ පැවැත්වූ එම සාදයට තනි පුද්ගලයන් 54 දෙනෙකු පමණ ද තරුණ ජෝඩු 80ක් පමණද සහභාගී වී ඇති අතර එදින කාමර 13ක් එම හෝටලයෙන් කුලියට ලබා දී ඇති බවද වාර්තා වනවා. 

ReeCha