ඉන්දියාවෙන් අරන් ආ තෑගි. වටිනාකම රුපියල් මිලියන 41.2 යි
ඉන්දීය ජාතිකයකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කන්කසන්තුරය වරායේ සේවයේ නියුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ ඉන්දියානු ජාතිකයා ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි අයෙක් බවයි පැවසෙන්නේ.
වයස අවුරුදු 33 ක් වන මෙම ඉන්දියානු ජාතික සැකකරු මත්ද්‍රව්‍ය සිය ගමන්මළු තුළ සූක්ෂමව අසුරා රැගෙන විත් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ ඉන්දියානු ජාතිකයා රැගෙන ආ ගමන් මළු සම්බන්ධව සැක සිතූ නිලධාරීන් විසින් එම ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ගමන් මළු තුළ සකස් කරන ලද ව්‍යාජ ස්ථර තුළ සඟවා සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් ඇති බව රේගු නිලධාරීන් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඔහු විසින් කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනවිත් තිබෙනවා. භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2ක් පමණ වන බවයි රේගු නිලදාරීන් පවසා සිටියේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමටද පියවර ගෙන ඇත.
