මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට නිල ඇඳුම් ඇන්දවූ කොස්තාපල්ට වැඩ වරදී.
Sri Lanka Police
By Wayomi
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට සිය නිල ඇඳුම් අන්දවා ඡායාරූප ලබා ගැනීමට ඉඩ දුන් මඩකලපු පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මේ වසරේ මුල සිට මෙම කොස්තාපල්වරයා මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව නඩු මෙහෙයවීමේ රාජකාරියේ නිරතව සිට තිබෙනවා.
ඒ අතරතුර ඔහු කාත්තන්කුඩියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව ද වාර්තා වෙනවා.
එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වන විට සිටින්නේ මත්කුඩු ජාවාරමකට හසු වී බන්ධනාගාර ගතව සිටින බව සඳහන්.
කෙසේ වෙත්ත මෙම මෙම පොලිස් කොස්තාපල්වරයා එම ජාවාරම් කරුගේ බිරිඳ සමඟ ඇතිකරගත් සම්බන්දයක් මත නිතර එහි යන එන බව විමර්ශන දී පෙනී ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |