අත් පා නොමැති කාන්තා මළ සිරුරක්...සිරුර හමු වූ තැන...

Report

වව්නියාව තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

පොලීසිය සැක පළ කරන්නේ මියගිය කාන්තාව අවුරුදු 20 - 25ත් අතර අයෙකුගේ බවයි.

පොලීසිය සඳහන් කළේ මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇතැයි සිතිය හැකි අතර කොණ්ඩය තරමක් දිගට වවා ඇති බවයි.

මියගිය තැනැත්තියගේ මුහුණ හඳුනාගත නොහැකි පරිදි විකෘති වී ඇති අතර රතු පැහැති ගවුමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කළා.

අත් පා නොමැති කාන්තා මළ සිරුරක්...සිරුර හමු වූ තැන... | A Dead Body Of A Woman Without Limbs

ප්‍රදේශවාසීන් මළ සිරුර දැක පොලීසිය දැනුවත් කොට ඇති අතර, මළ සිරුරේ අත් හා පාදයක් නොමැති බව නිරීක්ෂණය වී තිබෙනවා.

මළ සිරුර නරක්ව ඇති අතර, ශරීර කොටස් සතුන් ආහාරයට ගෙන ඇත්ද? නැතිනම් කපා දමා ඇතිද? යන්න සම්බන්ධයෙන් සැකයක් පවතිනවා.

පොලීසිය පවසන්නේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවයි.

ඊච්චන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 

පියාගෙ මරණ සහතිකය ගන්න ගිය පුතා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති ඔහුගේම මරණ සහතිකය මෙහෙම ලියැවෙයි කියලා - නොහිතපු වෙලාවක වුණ හද කම්පා කරන පුවතක්.

පියාගෙ මරණ සහතිකය ගන්න ගිය පුතා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති ඔහුගේම මරණ සහතිකය මෙහෙම ලියැවෙයි කියලා - නොහිතපු වෙලාවක වුණ හද කම්පා කරන පුවතක්.