මහවැලි ගඟේ පා වූ මළ සිරුර...

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 26, 2023 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මහවැලි ගඟේ තිබී කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ දී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ. 

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (25) උදෑසන කටුගස්තොට පොලීසියට මේ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

මරණකරු අවුරුදු 40ත් - 50ත් අතර පුද්ගලයෙකු බවත්, කළු ඉරි සහිත කමිසයක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha