ප්‍රධාන මාර්ගයක අවදානම් තත්වයක් - ප්‍රවේශමෙන් ගමන් කරන්න.
By Wayomi
ත්‍රීකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ජලාශය අසළ කොටස ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුරාධපුරයට ඇඳ හැළෙන අධික වර්ෂාවත් සමඟයි.
අධික වර්ෂාවත් සමඟ මහකනදරාව ජලාශය වාන් මටට්ම දක්වා ජලය පිරී ඇති අතර වැව් බැම්ම සොදා යාමට පටන් ගෙන ඇත.
මේ හේතුවෙන් මාර්ගය ගිලා බැසීමේ අවදානමක් ද පවතින අතර කාපට් යොදා ඇති මෙම මාර්ගය ඉරිතැලි තිබෙනු දක්නට ලැබෙන බව සඳහන්.
එමෙන්ම මාර්ගය දෙපස ඇති ගස් හා අධිබැලැති විදුලි රැහැන් කණුද සමගින් මාර්ගය ඛාදනය වෙමිනුයි පවතින බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් අනුරාධ නායක බණ්ඩාර මහතා මෙම ප්‍රදේශයට පැමිණ සොයාබලා ඇති අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මේ පිළිබද දැනුම් දීමට ද ප්‍රාදේශීය ලේකම්වරයා ක්‍රියා කර තිබෙනවා.