ළමුන් බිලිගන්නා මාරාන්තික රෝගයක් වාර්තා වෙයි – දැනට ළමුන් 32ක් මියගොස් ඇති බවට වාර්තා

India infections deaths dangerous disease
By Sewvandhi Sep 02, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්කවල ළමුන් අධික උණ සමඟ අධික ලෙස දහඩිය දැමීමේ රෝග ලක්ෂණ සතියකටත් වැඩි කාලයක සිට පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය පවතින අතර අත්පාවල කුෂ්ඨ පැතිරෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ. ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බවත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් ළමයින් බවයි පැවසෙන්නේ.

එමෙන්ම සිය ගණනක් රෝහල් ගත කර තිබෙන බවත් මියගිය කිසිවෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. පසුගිය සතියේ ළමුන් 32 ක් ඇතුළු 40 දෙනෙකු මියගොස් ඇති ෆිරෝසාබාද් දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨතම සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය නීතා කුල්ශ්‍රේෂාතා පවසා තිබෙන්නේ “රෝහල් වල රෝගීන්, විශේෂයෙන් ළමුන් ඉතා වේගයෙන් මිය යමින් සිටින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery