‘ස්කූල් සීසන්’ එකටත් ආණ්ඩුව අත තියයි. - ජනවාරියේ සිට සිදු වූ දේ මෙන්න. - (VIDEO)
By Wayomi
ජනවාරි මාසයේ සිට පාසල් සිසුන් සඳහා නිකුත් කරනු ලබන මාසික වාර ප්‍රවේශ පත්‍රය කප්පාදු කිරීමට රජය කටයුතු කරමින් ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං කියා සිටියේ,මේ වන විට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩු ලබාදී ඇති බැවින් ජනවාරි මස වාර ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීන් විසින් ප්‍රකාශ කළද බොහෝ පාසල් තුළ මේ වන විටත් නිවාඩු කාලසීමාවේ අමතර පන්ති පැවැත්වීම සහ වෙනත් කටයුතු සිදුවෙමින් ඇති බවයි.
ඒ, සම්බන්දයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං වැඩිදුර කරුණු අනාවරණය කළේ මෙලෙසින්,
