ප්‍රදේශයක් පුරා කිඹුල් බියක් පැතිරී යයි - බියෙන්ම ගම්වාසීන් කියු දේ.. පරිස්සමින් කටයුතු කරන්න.
Sri Lanka
By krishani
මේ දිනවල කිඹුලෙකු සම්බන්ධයෙන් බියක් පැතිරී ගොස් තිබෙනවා.
ඒ අම්බලන්ගොඩ - මාදම්පා ගඟේ සැරිසරණ බවටයි.
අද (08) දහවල් සිට මෙම කිඹුලා අම්බලන්ගොඩ ඌරාවත්ත ගංගාරාම විහාරය පිටුපස සිටින බව ඔවුන් පැවසීය.
ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ඉවත්කර දෙන ලෙසයි.
මේ පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුවට ද දැනුම් දී තිබෙනවා.
නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඔවුන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, කිඹුලා සිටින බැවින් ගඟ දෙපස නිවෙස්වල ජනතාව බියෙන් සිටින බවත් ධීවර කටයුතු ද නවතා දමා ඇති බවත් ගම්වාසින් කියා සිටියේ ය.
