මෙරටට ක්‍රිකට් තහනමක්? - පාර්ලිමේන්තුවේදී හෙලිකල රහස් කුමන්ත්‍රණය. - (VIDEO)
ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වක් කර කරනු ලැබුවා.
ඔහු සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ ප්‍රසිද්ධ හෝටලයකට එකතු වුණු ගජමිතුරු කල්ලියක් විසින් ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය 48ක් හෝ පැය 72ක් ඇතුළත අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරන බව සඳහන් කර ඇති බවයි.
පාර්ලිමේන්තුව ඒකමතිකව ගත් තීරණයෙන් පසුව මේ දූෂිත කල්ලිය මෙලෙස හැසිරෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය කුමක් ද යන්න පිළිබඳව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැක්වූ අදහස්,
'' ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතයේ මුදලින් කුලිය ගෙවන කාර්‍යාල කාමරය ඉදන් හොර දූෂිත කණ්ඩායම් එකට එකතු වෙලා ඒ ගොල්ලෝ කියලා තියෙනවා ඉන්දියාවේ ෂාට කතා කරලා පැය 48ක් හෝ පැය 72ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරනවා කියලා. මෙහෙම නටන්න ආවොත් පැය 24,48,72ක් ෂාට කියලා තහනම් කරනවා කියලා. මේකට මොකද්ද අපි 225 ගන්න තීරණය."
