සිරිකොතේ වලියක්. - රවීගේ මැරයෝ එජාපයේ පාක්ෂිකයන්ට නෙලයි. - (VIDEO)
By Wayomi
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ ආපසු යමින් සිටි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අරටුව නම් මෙම සංවිධානයේ පිරිස සිරිකොතට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීම සඳහා අදාළ යෝජනාවලියක් භාරදීම සඳහායි.
කෙසේ වෙතත් එය භාරදී ආපසු යන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ වාහන හතරකින් පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවටද ඔවුන් චෝදනා කරනවා.