චීන ජාතිකයෙකුට ලංකාවට ඇතුල් වීම සපුරා තහනම් කෙරේ.. පිටුවහල් කිරීමට කඩිනම් පියවර.

Tiran Alles Sri Lanka China Passport Ministry Of Public Security
By Wayomi May 30, 2023 08:43 AM GMT
Wayomi

Wayomi

Report

ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමඟ මෙරට පැමිණි චීන ජාතිකයාට යළි මෙරටට ඇතුළු වීම සම්පූර්ණයෙන් අත්හිටුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව සැකකරු මෙරටින් පිටුවහල් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ.

එමෙන්ම සැකකාර චීන ජාතිකයා එරට මත්ද්‍රව්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බව ද අමාත්‍යවරයා අනාවරණ කළා.

පසුගිය 18 වැනි දා ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ මෙම චීන ජාතිකයා ගිනී රාජ්‍යයේ ගමන් බලපත්‍රයකින් රටට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ එය ව්‍යාජ එකක් බව තීරණය කළ ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW