සුඛෝපභෝගී මෝටර් රථයක් ලොරි රථයක ගැටී රථ දෙකම අළුවෙයි..නොසිතූ මොහොතක සිදු වු භයානක අනතුර (VIDEO)

accident Dhelkada highlevel car and lorry catch fire
By Sewvandhi Oct 11, 2021 01:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස මෝටර් රථයක් ගැටී එම රථ දෙක ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හංදිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික රූපවාහිනී ආයතනයකට අයත් භාණ්ඩ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් සහ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතළ හානි සිදු වී නොමැති අතර ගිනි ගැනීමෙන් ලොරි රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඇති වූ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණු අතර අනතුරෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now