පාස්කු ප්‍රහාරය - බුද්ධි ප්‍රධානියාට එරෙහිව දැඩි නීතිමය පියවරක් ඉල්ලයි

Easter Attack Sri Lanka Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 12, 2025 08:36 AM GMT
Shehan

Shehan

Report

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඡු පැවරීමට නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් 14 වන දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

මෙම පෙත්සම සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයකු වන සුරාච් නිලංග විසින් ඉදිරිපත් කර තිබේ. පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරු මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (ජුනි 11) කැඳවනු ලැබිණි.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයාට එරෙහිව ජාතික පොලිස් කොමිසම මඟින් ආරම්භ කර ඇති විනය පරීක්ෂණය තවමත් පැවැත්වෙමින් පවතින බව සඳහන් කළේය. එම පරීක්ෂණයේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහුගේ තර්කය විය.

රනිල් බෞද්ධ උත්සව වලට නොයන බව කියන එක ඇත්තද?

රනිල් බෞද්ධ උත්සව වලට නොයන බව කියන එක ඇත්තද?

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැවසුවේ, නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක සාක්ෂිකරුවකු ලෙස කටයුතු කරන බවත්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරු කර ඇති බවත් ය.

“මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක්. එබැවින්, වගඋත්තරකරුට එරෙහිව පවතින විනය පරීක්ෂණ අවසන් වන තුරු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සුදුසුය,” යනුවෙන් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම ගොනුකර වසරකට ආසන්න කාලයක් ගතවී ඇති බවත්, එබැවින් කරුණු තහවුරු කිරීම සඳහා නිශ්චිත දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

බුර්කාව ගැන විශේෂ නියෝගයක්...අද සිට..

බුර්කාව ගැන විශේෂ නියෝගයක්...අද සිට..

එම අවස්ථාවේදී විනිසුරු මායාදුන්නේ කොරයා මහතා, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරිය අමතමින්, නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පවතින විනය පරීක්ෂණය අවසන් වන තුරු පෙත්සම සලකා බැලීම ප්‍රමාද කිරීම සුදුසුද යනුවෙන් විමසීය.

එහිදී නීතිඥවරිය පැවසුවේ, මේ දක්වා නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව කිසිදු අපරාධමය නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් 14 වන දින නැවත කැඳවීමට නියම කළේය.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණත්, ඒවා මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එබැවින්, ඔහුට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙම නඩුව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක පද්ධතියේ වගකීම් සහ බුද්ධි තොරතුරු කළමනාකරණයේ බරපතල ගැටලු පිළිබිඹු කරන තීරණාත්මක නීතිමය ක්‍රියාවලියකි.

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

ReeCha