නිවස ඉදිරියේ නවතා තැබූ ලක්ෂ 65ක බස් රථය ගිනි අරන් - අසල්වැසියන් කෑ ගහලා කියලා.. හිමිකරු පොලිසියට කී දේ..
යාපනයේ - ආනේකෝට්ටේ, චාවල්කට්ටු ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක් ගිනි ගෙන ඇති පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (23) එම බස් රථයේ හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අළුයම් කාලයේ දී යාබද නිවෙස් වල උදවිය කෑකෝ ගසමින් බස් රථය ගිනි ගන්නා බව ප්‍රකාශ කිරීම නිසා තමන්ද, අවදි වී බලන විට බස් රථය ගිනි ගනිමින් තිබූ බව ඔහු පොලිසියට කියා ඇත.
එමෙන්ම ගින්න නිවා දැමීමට සියලු දෙනාම එක්ව විශාල උත්සාහයක් ගත්ත ද බස් රථය ගිනි ගෙන විනාශ වූ බවත් මේ හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ හැට පහකට වඩා වැඩි අලාභයක් සිදුව ඇති බවත් වැඩිදුරටත් එහිදී ඔහු පොලිසියට පවසා තිබෙනවා.
මෙම බස් රථය ගිනි ගැනීම කවර ආකාරයකින් සිදු වූයේ ද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
එම බස් රථයට කවරෙකු විසින් හෝ ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මනිපායී පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
