ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට - 20ක් රෝහලේ [Update ]

Sri Lanka Police Accident Sinhala news
By Mithu May 10, 2025 03:23 PM GMT
Mithu

Mithu

Report

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අද (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 20කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගැණුනු අතර එහිදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙලෙස අනතුර ලක්න ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසීය. අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව, වැලිමඩ සහ බදුල්ල රෝහල් වෙත මාරුකර යවා තිබේ. වැලිමඩ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එලෙස ඇතුළත් කෙරුණු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

වැලිමඩ ප්‍රදේශයේ බස් රථයක් පෙරළී 20ක් අනතුරේ

වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

අදාළ බස් රථය ප්‍රපාතයටට පෙරළීමෙන් 20 අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත යොමු කළ බවත් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

අනතුරට හේතුව සහ එය සිදු වු ආකාරය පිළිබඳව පොලිස් විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක වේ.

ReeCha