මෙරට නිපදවූ සැහැල්ලු බස් රථයක් වෙළඳපොළට..!
By Sewvandhi
මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නව පිටුවක් පෙරළමින් ගම්පහ කලගෙඩිහේන " සනිරෝ" ආයතනය සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කර තිබේ.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නව නිපැයුම් අංශයෙහි කටයුතු කළ ආදි සිසුවකු වන කණිෂ්ක මාධව මහතාගේ නිර්මාණශීලිත්වය මගින් මෙම බස් රථය නිපදවූ බව සනිරෝ ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් මහතා බස් රථය එළි දක්වමින් සදහන් කළේය.
මෙම බස්රථය අඩි 22 ක දිගින් සහ අඩි 5 අගල් 6 ක පළලකින් යුක්ත වන අතර ඇන්ජින් ධාරිතාවය 660 කි. රජයේ සහාය ලබා දීම සිදු කරන්නේ නම් ඉදිරියේදී බස් ඇන්ජිම පවා මෙරටදී සකස් කරමින් උසස් මට්ටමේ බස් රථයක් නිෂ්පාදනය කිරීමට හැකිව ඇතැයි ද නිලන්ත දිල්රුක් මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |