ගොඩනැගිල්ලක් කඩා වැටී 5ක් මරුට.

India Accident Death
By Wayomi Aug 16, 2023 05:26 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කෝවිලක් අසලදී ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකුද ඇති බව සඳහන්.

කෝවිලේ සිටි බැතිමතුන් පිරිස මතට ගොඩනැගිල්ලේ බැල්කනියක් පළමුව කඩා වැටී ඇති අතර තුවාලකරුවන් මුදාගනිමින් සිටියදී එහි බිත්තියක්ද කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත මහා ඇමති ප්‍රකාශ කර ඇත්තේ මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන බවයි. 

ReeCha