පිරිමින්ට පහස දුන් ගල්කිස්සේ තරුණියන් පිරිසක් කොටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna May 11, 2023 01:23 AM GMT
Aruna

Aruna

Report

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ කළමනාකරණය සහාය වීම සම්බන්ධව සැකකාරියන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියක් වයස අවුරුදු 24ත්, 25ත්, 30ත්, 31ත්, 36ත් හා 52ක වයස්වල පසුවන පානදුර, මොරටුව, තඹුත්තේගම, වනාතවිල්ලුව, මැණික්හින්න හා අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකාරියන් බවයි පැවසෙන්නේ.

සැකකාරියන් අද (11) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now