අනුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් පාලම හදන්න යයි..රථ වාහන සහ දුම්රිය ධාවනය කරන්නත් පුළුවන්.

Anura Kumara Dissanayaka Sri Lanka India
By Aruna Oct 23, 2024 06:02 AM GMT
Aruna

Aruna

Report

නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ ව්‍යාපෘතිය නව ව්‍යාපෘතියක් නොව 2002 වසරේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කළ යෝජනවක් බවයි, සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ.

අනුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් පාලම හදන්න යයි..රථ වාහන සහ දුම්රිය ධාවනය කරන්නත් පුළුවන්. | A Bridge Between Sri Lanka And India

ඒ අනුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් අතර ඉදිකිරීමට යෝජිත ගොඩබිම් පාලම රථවාහන ගමනාගමනයට මෙන්ම දුම්රිය ධාවනයට ද උචිත වන පරිදි නිර්මාණය කොට ඇති බවයි සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ.

මේ මගින් දෙරට අතර වාණිජමය කටයුතු සාර්ථක වන බවත් ඉතා අඩු වියදමකින් දෙරට අතර ගමනාගමන පහසුකම් සලසා ගත හැකි බවත් ඉන්දීය රජය කියා සිටියි.

මෙරට තැන් කිහිපයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට හදිසි අනතුරු ඇඟවීමක්..එම ස්ථානයන් ගැනත් කියයි.

මෙරට තැන් කිහිපයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට හදිසි අනතුරු ඇඟවීමක්..එම ස්ථානයන් ගැනත් කියයි.


ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුවත් කොට ඇති බව.