නිවසේ බිත්තියක් කඩා වැටී කුඩා දරුවෙකු මරුට

gun Mulathiw halavath wall crash Udappukulama
By Sewvandhi Oct 23, 2021 01:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පල්ලම පොලිස් වසමේ කටුපොත ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු මිය යාමේ සිදුවීමක් වාර්තා වෙනවා. අනතුරට ලක් වූ දරුවා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මිය ගිය බවට යි වාර්තා වෙන්නේ.

මරණකරු වයස අවුරුදු 12ක පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය හලාවත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පල්ලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර ,මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු මුලතිව් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව්, උඩප්පුකුලම ප්‍රදේශයේ දී ඊයේ (22) මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක්. සැකකරු අද (23) දිනයේ දී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ හමුව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.