අලුත් අවුරුද්දට තැපෑලෙන් පාර්සල් තොගයක්.

Government Of Sri Lanka
By Gagana Apr 11, 2024 07:54 AM GMT
Gagana

Gagana

Report

පසුගිය වර්ෂ වලට සාපේක්ෂ ව මේ වසරේ දී තැපෑලට ලැබී ඇති පාර්සල් ප්‍රමාණය විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර , තැපැල්පති රුවන් සත්කුමාර පවසන්නේ ,විදේශගතව සිටින පිරිස සිය ඥාතීන් සදහා පාර්සල් විශාල ප්‍රමාණයක් මෙවර එවා ඇති බව ය.

එම නිසා , එළඹෙන 12 වැනිදා විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස යොදාගෙන පාර්සල් බෙදා හැරෙන බව ද ඔහු පැවසී ය.

තැපැල්පතිවරයා පැවසූයේ විදේශීය රටවල්වලින් එවා තිබෙන පාර්සල් ඇතුළු අනෙකුත් පාර්සල් බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට ද නියමිත බවයි.

තව ද , අද (11) දිනයේ දී,කොළඹට රැගෙන ඒමට නියමිත පාර්සල් සහ කොළඹින් පිටත ප්‍රදේශවලට බෙදාහැරීමට නියමිත පාර්සල් තෝරා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් සිදුකෙරෙන බවද ඔහු පැවසී ය.

මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ,එළඹෙන දීර්ඝ නිවාඩුවට ප්‍රථම අවම කාර්ය මණ්ඩල සේවක ප්‍රමාණයක් යටතේ මෙම පාර්සල් කඩිනමින් බෙදා හරිම සිදු කරන බවයි.

...................................................

May you Like