විස වූ මව්කිරි පානය කළ සිඟිත්තියට අත්වූ අනුවේදනීය ඉරණම

poisoning kiribathgoda ma kola Keheli Nilara Biyagama police
By Sewvandhi Sep 27, 2021 11:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මව විසින් තම මාස දෙකයි දින දහයක් වයසැති සිඟිති දියණියට මවුකිරි දීමෙන් පසුව අසනීප වීමෙන් පෙරේදා (25දා) රාත්‍රියේ මියගොස් ඇත. මව විසින් නිවෙසේදී එම සිඟිති දියණියට මවුකිරි දීමෙන් පසුව අසනීප වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ගෙන ගිය අතර එහිදී දියණිය මියගිය ගොස් තිබිණි.

එම මව ගැබිනියක්ව සිටි අවධියේ කොරෝනා ආසාදිත වී සිටි බවද කියති. මෙසේ මියගියේ මාකොළ - උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි කෙහෙළි නිලාරා නමැති මාස දෙකයි දින දහයක් වයසැති සිඟිති දියණියකි.

මෙ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් ඊයේ (26දා) පවත්වා මළ සිරුර පී.සී.ආර් පරීක්ෂණයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට පොලිසියට නියෝග කරන ලදී.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුලසේකර හා සැරයන් ජයරත්න (48892) යන නිලධාරීහු මෙ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

====================================

දින 03 කින් කොවිඩ් සුව කරන' කොවිඩ් රෝගින් 2000 කට වඩා සුව කළ කව්රුත් නොදන්න හෙළ වෙදදුරු-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now