දින 51ක් වයසැති බිළිදෙක් මහමඟ දමා යයි. ( CCTVදර්ශන සහිතයි)

By Wayomi Aug 31, 2022 12:32 PM GMT
Wayomi

Wayomi

Report

ළමා නිවාසයක් අසල දමාගොස් දින 51ක් පමණ වයසැති ළදරුවෙක් හමු වී තිබෙනවා.

එලෙස බණ්ඩාරවෙල අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ ගරාජය තුළ මෙම ළදරුවා දමාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ළඳරුවාට පොලීසිය තුළදී මව්කිරි ලබාදීමට පොලිස් නිලධාරිනියක කටයුතු කර තිබූ අතර පසුව ළදරුවා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළා.

කෙසේ වෙතත් ළමා නිවාසය අසල CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයෙක් රාත්‍රී කාලයේදී පැමිණ ළදරුවා තබා යන අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW