පාප් වහන්සේ කළ විශේෂ ඉල්ලීම.

Pope Francis
By krishani Sep 24, 2023 03:24 PM GMT
krishani

krishani

Report

ප්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු ප්‍රංශයේ Marseille නගරයේ සංචාරයක දී යුරෝපීය ජාතීන්ගෙන් ඉල්ලා සිටිමක් කළේ ය.

ඒ සංක්‍රමණිකයන් කෙරෙහි වැඩි ඉවසීමක් දක්වන ලෙසයි.

උන් වහන්සේ මධ්‍යධරණී රටවල රදගුරුවරුන්ගේ සහ තරුණ තරුණියන්ගේ රැස්වීමක දී පැවසුවේ මුහුදේ දී දිවි පරදුවට තබා පැමිණෙන සංක්‍රමණිකයන් ආක්‍රමණය නොකරන ලෙසයි.

මෙම දේශනය සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද පැමිණ සිටි බව  විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ප්‍රංශයේ Marseille වෙත පැමිණි පාප් වහන්සේට ආචාර කළ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gerald Darmanin කියා සිටියේ පැමිණෙන සංක්‍රමණිකයන් රටට පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව පසුගිය සතියේ සඳුදා සහ බදාදා අතර බෝට්ටු 199 කින් 8,500 ක් පමණ ලැම්පෙඩුසා වෙත පැමිණ ඇත.

සංක්‍රමණය හදිසි අවස්ථාවක් නොව අපගේ කාලයේ යථාර්ථයක්, මධ්‍යධරණී මුහුද අවට මහාද්වීප තුනක් සම්බන්ධ වන ක්‍රියාවලියක් වන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කළේ ය.

එමෙන්ම එම සංක්‍රමණ අවම කිරීමට නම් සංක්‍රමණිකයන් වෙනුවෙන් ඉවසීමෙන් හා දුර දක්නා නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ ය.

ReeCha