මවක් තම අලුත උපන් දියණිය නාන තටාකයක ගිල්වා මරා දාලා - නොසිතූ වෙලාවක ඇයට ලැබුණ දඬුවම..
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ 24 හැවිරිදි කාන්තාවක් තම දියණිය නාන තටාකයක ගිල්වා මරා දැමීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇයට වසර 50ක සිර දඬුවමක් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Taylor Blaha නමැති ඇයගේ රුධිරයේ මත්ද්‍රව්‍ය ඇති බවට සොයාගෙන ඇත.
එම නිසා ඇයගේ වැඩිහිටි දරුවාගේ භාරකාරත්වය ඉවත් කරනු ඇති බවට බිය වූ හේතුවෙන් කුඩා දරුවාව මෙසේ ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඇය මෙලෙස ඝාතනය කළ කුඩා දරුවාව උපතට පෙර ගබ්සා කිරීමට සැලසුම් කර තිබූ නමුත් එය අසාර්ථක වී තිබෙනවා.
නමුත් ඇයගේ 31 හැවිරිදි Brandon Thoma වන පෙම්වතා සමගින් තම අලුත උපන් දියණියගේ ඇඩීම වැළැක්වීම සඳහා අඩක් පිර වූ නාන තටාකයක දිය යට තබාගෙන සිට ඇත.
ඉන් පසුව දරුවාගේ සිරුර බෑගයක ඔතා වනාන්තර ප්‍රදේශයකට විසි කර ඇති බව එරට පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, බිළිඳාගේ දේහය සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබෙනවා.
